සිංහල  |  தமிழ்  |  English  |  日本人
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි
The Arahath - Image1
The Arahath - Image2
The Arahath - Image3
The Arahath - Image4
The Arahath - Image5
The Arahath - Image6
The Arahath - Image7
The Arahath - Image8
The Arahath - Image9
The Arahath - Image10

අද ජීවමානව වැඩසිටින අතිපූජනීයවු ඒ මහා බුද්ධ පුත්‍රයාණෝ...

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ නිර්මල ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරිම සදහා වනවාසී විශිෂ්ට ගුරුවරු ඇසුරු කරමින් ගෞතම බුදුන් වහන්සේගේ නිර්මල දහම ගවේශනය ආරම්භ කර ඇත්තේ 1990 වර්ශයේය. කුඩාකල සිටම නිර්මාණශීලි ගවේශනාත්මක චරිත ලක්ෂණ වලින් හෙබි උන්වහන්සේ තුළ, සිද්ධාර්ථ චරිතය පිළිබඳව ඇතිවූ කුතුහලය, ගෞතම බුදුන්වහන්සේගේ ධර්මය ගවේශනය කිරීමේ ආරම්භය විය. තරුණවියේදීම රාජකීය සැපසම්පත් ඇතහැර, බුදුන් වහන්සේ සොයාගත් සැනසුම කුමක්ද? නිර්වානය යනු කුමක්ද? එය වර්තමානයේ කෙනෙකුට ලබාගත හැකිද? යන කාරණා ඔස්සේ සිය ගවේශනය ආරම්භ කළ වජිරබුද්ධි තෙරුණුවෝ, ප්‍රථමයෙන් බාහිර සමජයේ පවතින ප්‍රසිද්ධ බුදු දහම සහ පොත්පත් පරිශීලනය කලේය. නමුත්, සමාජගත පන්සල් සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ පැවසූ නිර්මල දහම නොමැති බවත්, බුද්ධ දේශනාව තුල නිරන්තරයෙන් සදහන් ආරණ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුණ්‍යාඝාරගතෝවා යන කරුණ අනුව කැලයක, වෘක්ෂමූලයක හෝ හිස්තැනක මේ ආර්‍ය මාර්ගය වඩන අය හමුවිය හැකි බවත්, උන්වහන්සේ සිය ගවේශනය තුළින් අවබෝධ කරගත්තේය. ඒ අනුව සිය ගවේශනය වඩාත් ප්‍රායෝගික මාර්ගයක් ඔස්සේ රැගෙන ගිය උන්වහන්සේ ආරණ්‍යගතව විවිද ප්‍රවීණ ගුරුවරු ඇසුරේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කළේය. දශකයකට වැඩි කාලයක් තුළ ලැබූ ප්‍රායෝගික ගවේශනයේ ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ශයේ ආර්‍ය තත්ත්වයට පත්වීමට උන්වහන්සේට හැකි විය. වයස අවුරුදු 44 වනවිට අරහත්ඵලයට පත්වූ උන්වහන්සේ, බුද්ධ භාෂිතය තමන් විසින්ම තම උත්සාහයෙන් සාක්ශාත් කරගත්තේ, එම මාර්ගය තුළ හමුවූ ආර්‍යයන්වහන්සේලාගේ නිවැරදි මඟපෙන්වීම යටතේය. උන්වහන්සේගේ අවසාන ආචාර්යවරයා වන්නේ අතිපූජනීය අග්ගමහා කම්මට්ඨානාචාර්‍ය කිරිමැටියානේ අරියඥාන මහා රහතන් වහන්සේයි. (අරහත් වජිරබුද්ධි තෙරුණුවන් පැවිදි වූයේද උන්වහන්සේ යටතේය.) උන්වහන්සේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආරණ්‍යක භාවනා කර්මස්තාන ආචාර්යවරයා ලෙස වැඩවසමින් සිට 2005 වසරේ පිරිනිවන්පා වදාලේය.

අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ තම මාර්ගය සම්පූර්ණ කළ මෙම කාලය වන විට, සමාජය තුළ ලෞකික ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඇතැම් භික්ෂූන් හා ගිහියන් විසින් නිර්මල බුදු දහම විකුර්ති කරමින් තම තමාට රිසි සේ මේ උතුම් ඉගැන්වීම දැනුවත්ව හෝ නොදැනුවත්ව අවභාවිතා කරමින් පසුවූ යුගයක් විය. අවාසනාවන්ත ලෙස චතුරාර්‍ය සත්‍ය හෙවත් බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම පිලිබදව භික්ෂූන් අතර හෝ ගිහි සමාජය අතර නිවැරැදි අවබෝධයක් නොතිබුණු අතර ඔවුන් විසින් එය දිගින් දිගටම විකුර්ති කරමින් පසුවිය. බුදු දහමේ ප්‍රායෝගික හරය වැදුම් පිදුම් වත් පිළිවෙත් වලින් පමණක් වැසී යමින් පැවතුනි. රහත් බව, නිර්වානය යනු මේ ආත්මයේ ලබාගත නොහැක්කක් යැයි සිතමින් මෛත්‍රී බුද්ධ ශාසනයක් තුළ නිවන් ප්‍රර්ථනා කරමින් සිටි යුගයක මෙම තරුණ බුද්ධ පුත්‍රයාණන්වහන්සේ විසින්, රහත් බව යනු ප්‍රයෝගිකව ලබාගත හැකි දෙයක් බවත්, අදටත් රහතන් වහන්සේලා වැඩසිටින බවත් පවසමින් 2006 වසරේදි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථවේ කඳුරට සේවය ඔස්සේ පවත්වන ලද දේශනා මාළාව මෙරට බෞද්ධ සමාජය උඩු යටිකුරු කරන්නක් විය.

උන්වහන්සේ විසින්, "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාතෘකා සතර ඔස්සේ බුදු දහම තුළ සමස්ථ හරයම කැටිකරමින් පැවැත්වූ දේශනා මාලාව එවකට සමාජය තුළ පැවති බුදු දහම පිළිබද බොහෝමයක් මිත්‍යා මත ඛණ්ඩනය කිරීමට සමත් විය. බුදු දහම ගවේශනය කළ බොහෝමයක් දෙස් විදෙස් බෞද්ධයන් තුළ නව ජීවයක් ඇති කළ මෙම දේශනා මාලව සාම්ප්‍රදායික බුදු දහම, අර්ථික ජීවන මාර්ගයක් කරගත් ඇතැම් චීවරදාරින්ට මරු පහරක් විය.

වැදුම්පිදුම්, වත්පිළිවෙත්, පුද පූජා පසු පස හඹායමින් සියලු දේ ප්‍රාර්ථනා කරමින් මුලා වී සිටි බෞද්ධ සමාජයට, ශ්‍රද්ධාව යනු භක්තිය නොවෙන බවත්, මාර්ගය වැඩීමෙදී වර්ධනය වන ධර්මයක් බවත්, ප්‍රාර්ථනා කරමින් නිවන අත්කරගත නොහැකි බවත්, එ සදහා වැඩිය යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත්, පෙන්වාදුන් උන්වහන්සේගේ දේශනා මාලාව, 2008 වසරේ "ගෞතම බුදුන් වහන්සේ වදාල නිවන් මග" යනුවෙන් පොතක් බවට පරිවර්තනය විය. එමෙන්ම, එම පොත උදෙසා තිබු දෙස් විදෙස් ආකර්ෂණය හෙතුකොට ගෙන එයින් වසර දෙකකට පසු එහි ඉංග්‍රිසි සහ වෙනත් භාෂා පරිවර්තනයන්ද බිහි විය. උන්වහන්සේගේ ධර්මය සමාජය තුළ කොතරම් පිබිදීමක් ඇතිකලේදයත්, එය සාම්ප්‍රදායික පන්සල් බුදු දහමට මරු පහරක් වීම හේතුවෙන්, උන්වහන්සේ විසින් පවත්වගෙන යනු ලැබූ කොත්මලේ කඩදොර ආරණ්‍ය සේනාසනය ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින්, දේශපලකයන්ගේ අනුදැනුමද ඇතුව පැය කිහිපයකින් විනාශ කරනු ලැබීය. බුදු දහම ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම සදහා අවශ්‍ය සියලු අංගයන්ගෙන් සම්පුර්ණව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ මෙම ආරණ්‍ය සේනාසනය බිඳ දැමීම නිර්මල දහම ගවේශනය කරන්නාවූ තරුණ පිරිසට සිදුකරනු ලබු අති මහත් විනාශයකි.

සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් තමා ප්‍රායෝගිකව ප්‍රගුණ කළ මාර්ගය ලොවට දේශනා කිරීම හේතුවෙන් වජිරබුද්ධි තෙරුණුවන් ලද පීඩාවන් එතෙකින් අවසන් නොවුනි. ආරම්භයේ සිටම පිණ්ඩපාතිකව එක් වේලක් පමණක් ආහර වලඳමින් යැපුණු මේ උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේගේ පිණ්ඩපාතය වැළැක්වීමට තරම් වර්ථමාන සමාජය දූෂිත විය. එමෙන්ම, උන්වහන්සේ සොයා දානය රැගෙන පැමිණෙන දායකයින්හට තර්ජනය කර උන්වහන්සේව හුදකළා කිරිමට ප්‍රචණ්ඩකාරි පිරිස් නිරන්තරයෙන් උත්සාහ කළේය. උන්වහන්සේගේ දේශනා කෙරෙහි ගවේශනාත්මක තරුණ පිරිසගේ ආකර්ෂනය වැඩිවීමත්, එම දේශනා හේතුවෙන් සාම්ප්‍රධායික බුදු දහම ප්‍රසිද්ධියේ විවේචනයට ලක්වීමත් මොවුන්ගේ වෛරය වර්ධනය කිරිමට හේතුවක් විය. ඉතා විහිළු සහගත මෙන්ම අභූත හේතු මවමින් උන්වහන්සේට විරුද්ධව නඩු ගණනාවක් පැවරිම මෙහි තවත් ප්‍රතිඵලයක් විය. වනයක එකලාව වසන කෙසර සින්හයෙකු වන් බුද්ධ පුත්‍රයෙකු බොල් සුලඟකින් බිය ගැන්විය නොහැකිසේ ඔවුන්ගේ සියළු උත්සහයන් නිශ්ඵල වු තැන්හි, උන්වනසේ දැනට වැඩ වාසය කරන ශුණ්‍යාඝාරයට පෙට්‍රොල් බොම්බ ප්‍රහාර එල්ල කර උන්වහන්සේගේ ජීවිතයට හානි කිරීමට උත්සාහ කිරිමට තරම් මෙම සමාජය පාපකාරී විය. එහෙත්, ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී යන බුද්ධ දේශනාව සනාතන සත්‍යයක් බව පසක් කරමින් උන්වනසේගේ රෝමකූපයකටවත් හානි කිරීමට මේ කිසිඳු උත්සාහයකට නොහැකි විය. එදා මෙදා තුර එල්ලවු සියලු අභියෝගයන් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසළකා අදටත් ශ්‍රි ලංකවේ මධ්‍ය කඳුකරයේ හුදකළාව වාසය කරන උන්වහ්න්සේ තමාගෙන් ලෝකයට විය යුතු මෙහෙය අඛණ්ඩව ඉටු කරමින් සිටියි.

කිසිදු නිකායකට සම්බන්ධ නොවී, මාර්ගඵල ලාභී ගුරුවරු ඇසුරෙන් මාර්ගය ප්‍රගුණ කරන නිර්මල, ථේරවාද සම්ප්‍රදාය තුළ සිටින උන්වහන්සේ, "සංඝ" යනුවෙන් බුදුන් වහන්සේ හදුන්වනු ලැබූ, සෝවන්, සකෘදාඝාමී, අනාඝාමි, මහරහත් පිරිසේ වර්තමනයේ වෙසෙන මුදුන් මල්කඩකි. චේතෝවිමුක්ත හෙවත් උභතෝබාගවිමුක්ත රහතන්වහන්සේ නමක් ලෙස සිය දේශනා තුළින් දහම් පෙළහැරපෑ උන්වහන්සේ, එම දේශනා ප්‍රාතිහාර්ය තුළින්ම තම අරහත්වය ලෝකයාහට ප්‍රකාෂයට පත්කළ මහා උත්තම‍යාණන්වහන්සේ නමකි.

1957 වසරේ මහනුවරදි උපත ලබා දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස මහනුවර ප්‍රමුඛ පාසලකින් පාසල් ජීවිතය අවසන් කළ උන්වහන්සේ කොළඹ ප්‍රදේශයේ පළමු පෙලේ විශ්ව විද්‍යාලයක සිය විද්‍යාවේදී විශේෂ උපාධිය අවසන් කළේය. සිය දක්ෂතාවය නිසාම තරුණ අවදියේම ප්‍රසිද්ධ ආයතන කිහිපයක කළමණාකාර දූර හොබවා, දරු දැරියන් තිදෙනෙකුගේ සදාදරණීය පියෙකු ලෙස යහපත් සුඛෝපබොගී පවුල් ජීවිතයක් ගතකරමින් සිටියදී, බුදු දහමේ ප්‍රායෝගික සත්‍ය සොයා ගිය උත්තම‍යාණන්වහන්සේ නමකි. සිදුහත් කුමරුන් රජ සැප අත්හැරියා සේම, සිය සුඛෝපබොගී ලෞකික ජීවිතය අත්හැර වනවාසී වූ උන්වහන්සේ නිර්වානය සොයන වර්ථමාන තරුණ පිරිසට ජීවමාන පුර්වාදර්ශකි. ඉතා ලාමක සැප අත්හැර නොහැකිව නිවසේ සිට නිවන් සොයන්නට වෙර දරන කාමභෝගි ගිහි පිරිසට මේ මහා යතිවරයාණන්වහන්සේගේ චරිතය තුළින් උගත හැකි දේ අති මහත්ය. සතර සතිපට්ඨානය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගිකව වඩන අයුරු මනාසේ විස්තර කරමින් උන් වහන්සේ පැවත්වු දේශනා, නිවැරදි අධිෂ්ඨානයෙන් මාර්ගය සොයන, තවත් සියවස් ගණනාවක තරුණ පරපුරට අලෝකයක්ම වනු නොඅනුමානය.

ලෝකවාසි සියළු සතුන්ගේ හිතසුව පිණිස ජීවමානව වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේට අපගේ නමස්කාර වේවා!..



අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගමන්මග


අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගවේශනාත්මකවූත්, අභියෝගාත්මකවුත් අධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ආරම්භය සහ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුර මත ප්‍රගුණ කළ එම ප්‍රායෝගික නෙක්ඛම්ම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිළිකළ එම දුර්ලභ සදහම් සකච්ඡාව.
("අපේ කාලයේ යතිවරයෙකුගේ ගමන්මග " 2018 වසරේ මැයි මස 06 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි.)

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගවේශනාත්මකවූත්, අභියෝගාත්මකවුත් අධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ආරම්භය සහ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුර මත ප්‍රගුණ කළ එම ප්‍රායෝගික නෙක්ඛම්ම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිළිකළ එම දුර්ලභ සදහම් සකච්ඡාව.
("අපේ කාලයේ යතිවරයෙකුගේ ගමන්මග- 02" 2018 වසරේ ඔක්තෝබර් මස 06 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි. මෙම සද්ධර්ම සාකච්ඡාවේදි උන්වහන්සේ විසින් ධර්ම මාර්ගය ප්‍රගුණ කිරීමේදි ඒ සඳහා ගුරු ආචාර්යවරුන් සොයාගැනීමත් සහ අඳුනාගැනීමත්, එමෙන්ම ඒ පිළිබඳව උන්වහන්සේගේ ස්වකීය ඇත්දැකීම්ද මෙම පටිගත කරන ලද දේශනාවෙහි ඇතුළත්වේ.)

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගවේශනාත්මකවූත්, අභියෝගාත්මකවුත් අධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ආරම්භය සහ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුර මත ප්‍රගුණ කළ එම ප්‍රායෝගික නෙක්ඛම්ම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිළිකළ එම දුර්ලභ සදහම් සකච්ඡාව.
("අපේ කාලයේ යතිවරයෙකුගේ ගමන්මග- 03" 2018 වසරේ ඔක්තෝබර් මස 06 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි. මෙම සද්ධර්ම සාකච්ඡාවේ ධර්ම මාර්ගයට යොමුවීමේදීත්, එය ප්‍රගුණ කිරීමේදිත් ගිහි බැඳීම් අතහැරිම සහ එය කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව තම ස්වකීය අත්දැකීම්ද සහිත උන්වහන්සේ විසින් පැහැදිළිකර ඇත.)

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගවේශනාත්මකවූත්, අභියෝගාත්මකවුත් අධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ආරම්භය සහ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුර මත ප්‍රගුණ කළ එම ප්‍රායෝගික නෙක්ඛම්ම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිළිකළ එම දුර්ලභ සදහම් සකච්ඡාව.
("අපේ කාලයේ යතිවරයෙකුගේ ගමන්මග- 04" 2018 වසරේ නොවැම්බර් මස 07 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි. මෙම සද්ධර්ම සාකච්ඡාවේදි ධර්ම මාර්ගයට යොමුවී, ආර්ය ගුරු ඇසුරේ සිට එම මාර්ගය ප්‍රගුණ කරන විට සුවපහසු ගිහි කම්සැප විඳීමට හුරුපුරුදුව සිටි තම ගිහි ජීවන රටාව, දුෂ්කරවු ආරණ්‍ය ප්‍රතිපදාවකට කෙසේ හුරුවූයේද යන්න පිළිබඳව තම ස්වකීය අත්දැකීම්ද සහිතව උන්වහන්සේ විසින් මෙම දේශනයෙහි පැහැදිළිකර ඇත.)

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ ගවේශනාත්මකවූත්, අභියෝගාත්මකවුත් අධ්‍යාත්මික ධර්ම මාර්ගයේ ආරම්භය සහ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුර මත ප්‍රගුණ කළ එම ප්‍රායෝගික නෙක්ඛම්ම ප්‍රතිපදාව පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිළිකළ එම දුර්ලභ සදහම් සකච්ඡාව.
("අපේ කාලයේ යතිවරයෙකුගේ ගමන්මග- 05" 2018 වසරේ නොවැම්බර් මස 07 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත පටිගත කරන ලදි. මෙම සද්ධර්ම සාකච්ඡාවේදි ආරණ්‍ය ජීවිතය තුළ උන්වහන්සේ මුහුණ දුන් විශේෂ සිදුවීම්, උන්වහන්සේගේ එම ආධ්‍යාත්මික ගමන අඩාල වන බාධක සහ එම බාධකයන්හට උන්වහන්සේ කෙසේ මුහුණ දුන්නේද යන්න පිළිබඳව අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් පැහැදිළිකර ඇත.)